මෙරට ගොවි ජනතාවට සේම කෘෂිකර්මාන්තයට අනාගතය පිළිබඳ ව විශ්වාසය තබපු සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ තම රජය යටතේ පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති 58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අද (04) පෙරවරුවේ සඳහන් කළා.
තමන් ඇතුළු වත්මන් රජයේ බොහෝ මැති ඇමතිවරුන් ගොවි දෙමාපියන්ගේ දරුවන් බවත්, ගොවි ජනතාව මුහුණ පාන ගැටලු හා අර්බුද ගැන හොඳින් වැටහීමක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
ඇතැම් අවස්ථාවල අතීතයේ දී තම නිවෙස් වෙත කුඹුරෙන් නෙලා ගත් අස්වැන්න ගෙන ආ පසු නිවාස එතරම් විශාල නොවන නිසාවෙන් ගබඩා කිරීමට ඉඩක් නොතිබූ බවත්, හැකි පරිදි නිවෙස් තුළ වී ගෝනි තබා, ඒවා මත නිදාගත් යුගයක් ද තමන්ට ඇති බවයි ජනාධිපතිවරයා රැස් ව සිටි ගොවි මහතුන් ඇතුළු පිරිස අමතමින් ප්‍රකාශ කළේ.