ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌණතාවයක්

ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවය බවත්, අනෙකුත් රෝග එම පෝෂණ ගැටලු නිසා හටගත්තක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ගොයම් කහ පැහැවීම සම්බන්ධව පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය වුයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය හා බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දීයි.

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටෙයාර් 770,000කින් සියයට 08ත් 10ත් අතර ප්‍රමාණයකින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් (K) ඌනතාවය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය හා අනෙකුත් දිලීර රෝග ගොයමෙහි පෝෂණ ඌනතාවන් නිසා පහසුවෙන් වැළඳිය හැකි රෝග තත්ත්වයන් බව මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දැනට මෙම ගොයම් කහ පෑහැවීමේ රෝගය බහුල වශයෙන් වාර්තාවන්නේ මහවැලි සී හා එච් කළාපවලින් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්.

ගොයම් වගා කර ඇති සමස්ත බිම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ ගොයම් කහ පැහැ වීමට ලක්ව තිබෙන්නේ සියයට 08ක් 10ක් අතර ප්‍රමාණයක් වුවත්, එම තත්ත්වය උග්‍ර ලෙස දක්නට ලැබෙන්නේ සියයට 03ක් තරම් ප්‍රමාණයක පමණයි.

එම නිසා 2022/23 මහ කන්නයේ සමස්ත අස්වැන්නට ඉන් බරපතල හානියක් එල්ල නොවන බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

දැනට සිදු කර තිබෙන පසුවිපරම් අනුව මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් පමණ ලබා ගැනීමට හැකිව තිබෙනවා.

එමගින් මාස 07කට සෑහෙන සහල් නිෂ්පාදනය කර ගැනීමට හැකිබව සඳහන්.

එමෙන්ම පසුගිය යල කන්නයේ ද ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති නිසාත්, 2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය සියලු පොහොර එනම් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP), යුරියා සහ බන්ඩි පොහොර (MOP) ලබා දීමට රජය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බැවින් යල කන්නයේ ද හොඳ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන්නේ.

එබැවින් මෙම වර්ෂය තුළ රටේ කිසිදු අයුරකින් සහල් හිඟයක් ඇති නොවනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?