ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌණතාවයක්

ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවය බවත්, අනෙකුත් රෝග එම පෝෂණ ගැටලු නිසා හටගත්තක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ගොයම් කහ පැහැවීම සම්බන්ධව පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය වුයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය හා බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දීයි.

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටෙයාර් 770,000කින් සියයට 08ත් 10ත් අතර ප්‍රමාණයකින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් (K) ඌනතාවය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය හා අනෙකුත් දිලීර රෝග ගොයමෙහි පෝෂණ ඌනතාවන් නිසා පහසුවෙන් වැළඳිය හැකි රෝග තත්ත්වයන් බව මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දැනට මෙම ගොයම් කහ පෑහැවීමේ රෝගය බහුල වශයෙන් වාර්තාවන්නේ මහවැලි සී හා එච් කළාපවලින් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්.

ගොයම් වගා කර ඇති සමස්ත බිම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ ගොයම් කහ පැහැ වීමට ලක්ව තිබෙන්නේ සියයට 08ක් 10ක් අතර ප්‍රමාණයක් වුවත්, එම තත්ත්වය උග්‍ර ලෙස දක්නට ලැබෙන්නේ සියයට 03ක් තරම් ප්‍රමාණයක පමණයි.

එම නිසා 2022/23 මහ කන්නයේ සමස්ත අස්වැන්නට ඉන් බරපතල හානියක් එල්ල නොවන බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

දැනට සිදු කර තිබෙන පසුවිපරම් අනුව මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් පමණ ලබා ගැනීමට හැකිව තිබෙනවා.

එමගින් මාස 07කට සෑහෙන සහල් නිෂ්පාදනය කර ගැනීමට හැකිබව සඳහන්.

එමෙන්ම පසුගිය යල කන්නයේ ද ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති නිසාත්, 2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය සියලු පොහොර එනම් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP), යුරියා සහ බන්ඩි පොහොර (MOP) ලබා දීමට රජය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බැවින් යල කන්නයේ ද හොඳ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන්නේ.

එබැවින් මෙම වර්ෂය තුළ රටේ කිසිදු අයුරකින් සහල් හිඟයක් ඇති නොවනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48