spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ගොඩගම ජල නළයේ අලුත්වැඩියාව අවසන් – අද මධ්‍යහන වන විට ජල සැපයුම යථාතත්ත්වයට (ඡායාරූප/වීඩියෝ)

ලබුගම කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී කුමුදු විජය ගුණවර්ධනගෙන් අප කළ විමසීමක දී සඳහන් කළේ අද (18) අලුයම 4.00 පමණ වනවිට එහි අලුත්වැඩියා කිරීමේ කටයුතු අවසන් කළ බවයි.

ඒ, අනුව අද (18) මධ්‍යහන වන විට 80%ක පමණ ප්‍රදේශයකට ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ හැකි බවයි සහකාර සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ.

එමෙන්ම උස් බිම්වල පිහිටි නිවාස වෙත අද (18) පස්වරුව වනවිට ජල සැපයුම යථාතත්ත්වයට පත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම් කාලයේ දී මෝටර් රථයක් ජල නළයේ ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබුණා.

මේ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වුණා.

ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ යන ප්‍රදේශ මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්‍රදේශයි.

417413859 440519662080384 4943667123395415089 n 2
417464835 440519482080402 3244097856190584335 n 2
417405673 440519692080381 1139674898720789441 n
417486418 440519465413737 923461222298589960 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
3
+1
2
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?