AFC Banner
Empty Ad
Empty Ad

ගෙවල් ඉඩම් විකුණා රටින් යන පිරිස වැඩි වෙයි

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 – 40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගත වීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් බව දැනගන්නට ඇත.

විදේශ රටවල දැනට ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය කිට්ටුවන්ත ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමද වැඩිවී ඇති අතර බොහෝ පිරිසක් එවැනි අනුග්‍රහ අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

එසේම නීති විරෝධී ක්‍රම මගින් විදේශයන්ට පලා යන පිරිස්ද වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?