Empty Ad
AFC Banner
Empty Ad

ගෙල පසාරු කළ ලී කැබැල්ල පරිස්සමට ගලවා රෝගියාගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරු

ගෙල පසාරු වන ලෙසට ඇනී තිබූ ලී කැබැල්ලක් සාර්ථක සැත්කමකින් රෝගියාගේ ජීවිතයට හානියක් නො වන පරිද්දෙන් ඉවත් කිරීමට වවුනියාව රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව් නිර්මලසිංහම් මහතා හා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නාගේෂ්වරන් මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කරන ලද බවයි.

වගා බිමේ කිසියම් කාර්යයක් සිදු කරමින් සිටිය දී අදාළ පුද්ගලයා ඇද වැටීමෙන් අනතුරුව ගෙල
පසාරු වන ලෙසට ලී කෝටුවක් ඇනී තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් රෝගියා වවුනියාව රෝහල වෙත රැගෙන ඒමෙන් පසුව වෛද්‍ය කණ්ඩායම කඩිනමින් සැත්කම සිදුකොට රෝගියා බේරා ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?