ගෙදරින් සල්ලි හොරකම් කළ අවුරුදු 13 දුවව පියා විසින් ඝාතනය කරලා

තම බාල වයස්කාර දියණිය ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තම පියා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ බිචෞලා ප්‍රදේශයේ පදිංචිව සිටි හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෝනම් නැමැති 13 හැවිරිදි දැරියක්.

ඊයේ (26) පස්වරුවේ අනුප්ෂහර් පොලිස් බල ප්‍රදේශයේ පාලමක් යට පඳුරු අතර තිබී පාසල් නිල ඇඳුමකින් සැරසුණු දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, දැරිය බ්‍රහස්පතින්දා පාසලට ගොස් ඇති බවත්, ඇගේ පියා වන අජේ ෂර්මා පාසලෙන් පසු ඇයව පාසලෙන් රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පියාගේ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූයේ දැරිය පාසලෙන් නිවසට රැගෙන යමින් සිටියදී, ඔහු ඇයව තම කුඹුරට ගෙන ගොස්, ලේන්සුවකින් ගෙල සිර කර මරා දමා, පසුව ඇගේ සිරුර ඇළකට විසි කළ බවයි.

පියාගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ දැරිය පසුගිය දින කිහිපය තුළ නිවසින් මුදල් සොරකම් කර ඇති බවයි.

ඒ, හේතුවෙන් තමා සහ බිරිද අතර ආරවුල් ඇති වූ බවත් ඔහුපොලිසිය හමුවවේ පවසා තිබෙනවා.

තම දියණිය ඝාතනය කිරීමෙන් පසු, ඔහු පාසලට දැනුම් දී ඇත්තේ තම දියණිය ඥාතීන් සමඟ නැවතී සිටීමට ගොස් ඇති බවත් ඉදිරි දින තුන හතර තුළ නැවත පාසලට නොඑන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
1
+1
23
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?