දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි කෘතිම බුද්ධිය ආශ්‍රිත කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම කෙරෙහි ගූගල්හි මව් ආයතනය වන සුප්‍රකට Alpha-bet සමාගමේ අවධානය තිබෙනවා.
මේ වෙනුවෙන් සමාගාම ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක්.
අදාළ ආයතනය විශාකාපට්නම් වරාය නගරයේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර එහි අරමුණ වන්නේ කලාපයේ රටවල දොළහකට පමණ ගූගල් දත්ත පහසුකම් සැපයීමයි.
අඟහරුවාදා නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ක්ලවුඩ් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ යෝජිත ව්‍යාපෘතිය ඇමෙරිකාවෙන් බැහැරව පිහිටි ලොව විශාලතම කෘතිම බුද්ධි කේන්ද්‍රය බවට පත්වනු ඇති බවයි.
මේ වන විට ලෝකයේ කෘතිම බුද්ධිය සම්බන්ධ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා.
ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රටෙහි පවතින අඩු මිල දත්ත පැකේජ හා කෘතිම බුද්ධිය පිළිබඳ ඉහළින් පාරිභෝගික ධාරිතාවයි.
ඒ අනුව ලොව තාක්ෂණික දැවැන්තයෙන් රැසක් එහි ආයෝජනය සඳහා යොමු වී සිටිනවා.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ආන්ද්‍රා ප්‍රදේශ රජය පැවසුවේ ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුමට අත්සන් තැබූ බවයි





