ගුවනින් රැගෙන ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී අනතුරක්

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරය ආධාරයෙන් උත්තරාකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත් සිට ගෞචර් වෙත ගුවන්ගත කරමින් තිබූ දෝෂ සහිත හෙලිකොප්ටරයක් ​​අද උදෑසන (31) කඩා වැටී ඇති බව එරට බලධාරීන් පවසනවා.

පෞද්ගලික හෙලිකොප්ටරය ලින්චෝලි ප්‍රදේශයේ මන්දාකිනි ගඟ අසළ දී කඩා වැටී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අනතුර සිදු වූ ආකාරය කැමරා කාචයක සටහන් වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

අලුත්වැඩියා කිරීම සඳහා අදාළ හෙලිකොප්ටරය MI-17 ගුවන් යානයක් ආධාරයෙන් ගෞචර් ගුවන් පථයට වෙත රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, MI-17 ගුවන්යානයේ සමතුලිතතාවය නොමැති වී ගිය අවස්ථාවේ ඒ ආධාරයෙන් රැගෙන ගිය හෙලිකොප්ටරය හිස් භූමියකයට අත්හැර දැමූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හෙලිකොප්ටරයේ මගීන් හෝ ගමන් මලු නොතිබූ අතර, අනතුරෙන් පසු ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී තිබෙනවා.

අනතුරට ලක් වූ මෙම හෙලිකොප්ටරය මීට පෙර කේදර්නාත් දේවාලයට මගීන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.

හිමාලයේ පිහිටි කෝවිලට යන මාර්ගයේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය ජූලි 31 සිට කේදර්නාත් වෙත යන බැතිමතුන්ගේ සංඛ්‍යාවේ තියුණු අඩුවීමක් දක්නට ලැබී තිබෙනවා.

ගෞරිකුන්ද් සිට කේදර්නාත් දක්වා මාර්ගයේ වර්ෂාවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් දහස් ගණනක් ජනයා අතරමං වී ඇති අතර, පුද්ගලික හෙලිකොප්ටර්වලට අමතරව ගුවන් හමුදාවේ චිනූක් සහ එම්අයි 17 හෙලිකොප්ටර් ආධාරයෙන් දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුමක් ද දියත් කිරීමට කටයුතු කර තිබූ බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?