ගුවනින් රැගෙන ගිය හෙලිකොප්ටරයක් කඩා වැටී අනතුරක්

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරය ආධාරයෙන් උත්තරාකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත් සිට ගෞචර් වෙත ගුවන්ගත කරමින් තිබූ දෝෂ සහිත හෙලිකොප්ටරයක් ​​අද උදෑසන (31) කඩා වැටී ඇති බව එරට බලධාරීන් පවසනවා.

පෞද්ගලික හෙලිකොප්ටරය ලින්චෝලි ප්‍රදේශයේ මන්දාකිනි ගඟ අසළ දී කඩා වැටී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අනතුර සිදු වූ ආකාරය කැමරා කාචයක සටහන් වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

අලුත්වැඩියා කිරීම සඳහා අදාළ හෙලිකොප්ටරය MI-17 ගුවන් යානයක් ආධාරයෙන් ගෞචර් ගුවන් පථයට වෙත රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, MI-17 ගුවන්යානයේ සමතුලිතතාවය නොමැති වී ගිය අවස්ථාවේ ඒ ආධාරයෙන් රැගෙන ගිය හෙලිකොප්ටරය හිස් භූමියකයට අත්හැර දැමූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හෙලිකොප්ටරයේ මගීන් හෝ ගමන් මලු නොතිබූ අතර, අනතුරෙන් පසු ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී තිබෙනවා.

අනතුරට ලක් වූ මෙම හෙලිකොප්ටරය මීට පෙර කේදර්නාත් දේවාලයට මගීන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.

හිමාලයේ පිහිටි කෝවිලට යන මාර්ගයේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය ජූලි 31 සිට කේදර්නාත් වෙත යන බැතිමතුන්ගේ සංඛ්‍යාවේ තියුණු අඩුවීමක් දක්නට ලැබී තිබෙනවා.

ගෞරිකුන්ද් සිට කේදර්නාත් දක්වා මාර්ගයේ වර්ෂාවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් දහස් ගණනක් ජනයා අතරමං වී ඇති අතර, පුද්ගලික හෙලිකොප්ටර්වලට අමතරව ගුවන් හමුදාවේ චිනූක් සහ එම්අයි 17 හෙලිකොප්ටර් ආධාරයෙන් දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුමක් ද දියත් කිරීමට කටයුතු කර තිබූ බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43