ගුවන් සෙබළිය පැහැරගත් සෙබළ පුතු සහ පියා රක්ෂිත බන්ධනාගාරයට

පුත්තලම – පාලවිය ගුවන් හමුදා කඳවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් සෙබළියක් ඊයේ (07) දින පැහැරගෙන ගොස් තිබුණා.

ඇය පුත්තලම පාලවිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි වයස අවුරුදු 27 ක් වන ගුවන් සෙබළියක්

සිය යතුරුපැදියෙන් ඊයේ (07) දින රාජකාරිය සඳහා කඳවුර බලා එමින් සිටිය දී මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබුණා.

පැහැර ගැනීම සිදුකර ඇත්තේ, චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකාර සෙබළෙක් සහ ඔහුගේ පියා බවයි වාර්තා වන්නේ.

සෙබළා සහ ඔහුගේ පියා යන දෙපළ විසින් එකවරම මෝටර් රථයකින් පැමිණ මාර්ගය හරස් කොට සෙබළියගේ මුහුණට ලේන්සුවක් වැනි යමක් තබා සිර කර ඇයව සිහිමුර්ජා කර පැහැර ගෙන එම ප්‍රදේශයේ පාලු නිවසකට රැගෙන විත් තිබෙනවා.

ගුවන් සෙබළියගේ සැමියා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට සම්බන්ධ පිය පුතු දෙපළ අත්අඩංගුවට ගැණුනා.

පසුව පොලිසිය ඔවුන්ගෙන් කළ මූලික ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ගුවන් සෙබළා සහ පැහැර ගැනීමට ලක් වූ සෙබළිය අතර කාලයක් පුරා ප්‍රේම සම්බන්ධයක් ඇතිව තිබූ බවයි.

පසුව අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දෙදනාටම ඇප නියම කළ ද ඇප තැබීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?