AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් සමාගම් වෙත ආහාර පාන සැපයීම වෙනුවෙන් පළමුවරට ශ්‍රී ලන්කන් කේටරින් වෙත බලපත්‍රයක්

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ තුළ සහ ඒවායේ ගුවන් මෙහෙයුම්වල නිරත ගුවන් සමාගම් වෙත විශ්වසනීයව සහ සෞඛ්‍යාරක්ෂිතව ආහාරපාන සහ ඒ ආශ්‍රිත සේවා සැපයීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රමිතීන් සපුරා තිබීම හේතුවෙන්, ඒ සදහා අදාළ සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ පළමුවරට (Catering Service Providers Licence ) ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගම වෙත පිරිනැමීම අද (28) පෙරවරුවේ පැවැත් වුණා.

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ඔවුන්ගේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී මෙය සිදුකෙරුණු බවයිවාර්තා වුණේ.

මෙම බලපත්‍රය පිරිනැමීමේදී ශ්‍රී ලංකා කේටරින් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය, එහි වැඩපිළිවෙළ, සමාගම සතු භෞතික සම්පත්, නිසි පුහුණුව සුදුසුකම් සහ අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය, ගුවන් යානා මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග, වෙනත් සේවා සැපයීම සදහා පවතින තාක්ෂණික සහ භෞතික හැකියාව වැනි කරුණු කෙරෙහි දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ විසින් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල වීරසේකර වෙත මෙම බලපත්‍රය ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ , ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සහ මෙම බලපත්‍රය ප්‍රදානය කිරීමට අදාළ විගනන කටයුතු කළ නිලධාරීන් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් සර්වජන බලය හැර යද්දී ලක් අම්මා සර්වජන බලයට එක්වෙයි
Video thumbnail
අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ
03:58
Video thumbnail
අනුර කුමාර හොරු අල්ලද්දී - අපි රට හදන්න ලෑස්තීයි #shortvideo #viralvideo
00:06
Video thumbnail
අනුර කුමාර හොරු අල්ලද්දී - අපි රට හදන්න ලෑස්තීයි #anurakumaradissanayake #sjb
01:25
Video thumbnail
ලෝක කුසලානය ගෙන්න තරම් පුළුන් දක්ෂයො දැන් ඉන්නවා #srilankacricket
01:32
Video thumbnail
වියදම් කෙසේ වෙතත් - අපි පාක්ෂිකයන් ගාවට යනවා - පිච් එක නරක වෙලාවට බැට් කරන්න ඕනි
01:33
Video thumbnail
සජබය අනුර එක්ක වැඩ කරන්න සැරසෙයි
04:21
Video thumbnail
මාලිමාවට සල්ලි එන්නේ - කොහෙන්ද කියලා හොයාගන්නත් බෑ
04:58
Video thumbnail
කයිවාරු ගහන තරම් රටවල් පාලනය කරන්න ලේසි නෑ #sajith #anurakumaradissanayake #hirunika
12:40
Video thumbnail
හිරුණික මනාප ක්‍රියාන්විතය අරඹයි - අම්මෝ අම්මෝ කට ඇරියොත් පළාතක් ඉවරයි#hirunika_premachandra
04:43

?