ගුවන් මගීන්ගේ ගමන් මළුවල ‘ටැග්’ පත් පරීක්ෂාව අරඹයි (ඡායාරූප)

ත්සව සමය ආරම්භ වීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළෙන් රට තුළට ඇතුල්වෙන ගුවන් මගීන්ගේ ගමන් මළු නිවැරැදිව හදුනාගැනීම සදහා යොදා ඇති ‘ටැග්’ පත් පරීක්ෂා කිරීම ගුවන් තොටුපොළ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ගුවන් යානය වෙත ගමන් මළු පැටවීම සඳහා භාරගැනීමේ දී එම ගුවන් සේවා සමාගම් අදාළ ගුවන් මගියාට ඔහුගේ ගමන් මළු පහසුවෙන් හදුනාගැනීම සදහා මෙම ‘ටැග්’ පත් ලබාදීම සිදුකෙරෙනවා.

ඇතැම් අවස්ථාවල ගුවන් මගීන් තම ගමන් මළුවල ‘ටැග්’ පත් අංකය නිවැරදි පරීක්ෂා කිරීමකින් තොරව වෙනත් ගුවන් මගීන්ගේ ගමන් මළු රැගෙන යාම සුලභ සිදුවීමක් වී තිබෙනවා.

එමෙන්ම ඇතැම් ගුවන් මගීන් හිතාමතාම වෙනත් ගුවන් මගීන්ගේ ගමන් මළු සැළසුම් සහගතව සොරාගෙන යාමේ සිදුවීම ද වාර්තා වනවා.

මෙලෙස වැරදීමකින් රැගෙන යනු ලැබූ ගමන් මළු යළි ගුවන් තොටුපොළ වෙත භාරදීම ද බහුලව සිදුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම ගමන් මළු නිවැරදි අයිතිකරුවන් වෙත ඔවුන් සොයා භාරදීමට ගුවන් තොටුපොළ නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට ද සිදුවනවා.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මළුවල එල්ලා ඇති ‘ටැග්’ පත්‍ර අහඹු ලෙස පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විවිධ ස්ථානවල රැදී සිටින පුද්ගලයන් ද ගුවන් තොටුපොළ පොලිසිය විසින් පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
4
+1
53
+1
5
+1
3
+1
3
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03