ගුවන් මගීන්ගේ ගමන් මළුවල ‘ටැග්’ පත් පරීක්ෂාව අරඹයි (ඡායාරූප)

ත්සව සමය ආරම්භ වීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළෙන් රට තුළට ඇතුල්වෙන ගුවන් මගීන්ගේ ගමන් මළු නිවැරැදිව හදුනාගැනීම සදහා යොදා ඇති ‘ටැග්’ පත් පරීක්ෂා කිරීම ගුවන් තොටුපොළ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ගුවන් යානය වෙත ගමන් මළු පැටවීම සඳහා භාරගැනීමේ දී එම ගුවන් සේවා සමාගම් අදාළ ගුවන් මගියාට ඔහුගේ ගමන් මළු පහසුවෙන් හදුනාගැනීම සදහා මෙම ‘ටැග්’ පත් ලබාදීම සිදුකෙරෙනවා.

ඇතැම් අවස්ථාවල ගුවන් මගීන් තම ගමන් මළුවල ‘ටැග්’ පත් අංකය නිවැරදි පරීක්ෂා කිරීමකින් තොරව වෙනත් ගුවන් මගීන්ගේ ගමන් මළු රැගෙන යාම සුලභ සිදුවීමක් වී තිබෙනවා.

එමෙන්ම ඇතැම් ගුවන් මගීන් හිතාමතාම වෙනත් ගුවන් මගීන්ගේ ගමන් මළු සැළසුම් සහගතව සොරාගෙන යාමේ සිදුවීම ද වාර්තා වනවා.

මෙලෙස වැරදීමකින් රැගෙන යනු ලැබූ ගමන් මළු යළි ගුවන් තොටුපොළ වෙත භාරදීම ද බහුලව සිදුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම ගමන් මළු නිවැරදි අයිතිකරුවන් වෙත ඔවුන් සොයා භාරදීමට ගුවන් තොටුපොළ නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට ද සිදුවනවා.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මළුවල එල්ලා ඇති ‘ටැග්’ පත්‍ර අහඹු ලෙස පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විවිධ ස්ථානවල රැදී සිටින පුද්ගලයන් ද ගුවන් තොටුපොළ පොලිසිය විසින් පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
4
+1
53
+1
5
+1
3
+1
3
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?