ගුවන් මගියාගේ ලක්ෂ 09කට විද්ද කුලී රථ රියදුරා කටුනායක දී අල්ලයි

කටුනායකට පැමිණි ගුවන් මගියෙකුගේ අත්බෑගයේ තිබූ රුපියල් නවලක්ෂ හාරදහස් හාරසීයයක මුදලක් සොරාගත් පුද්ගලික ආයතනයක් යටතේ කුලී රථ සේවා සපයන කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කුලී රථ රියදුරා කටුනායක පොලිසිය විසින් අද (31) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඩුබායි හි සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් පෙරේදා (29) දින රාත්‍රීයේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි එම පුද්ගලයා සිය නිවස වෙත යාමට පුද්ගලික ආයතනයක් යටතේ කුලී රථ සේවා සපයන කුලී රථයක් වෙන්කර වෙන්කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම පුද්ගලයා සිය ලැප්ටොප් පරිගණකය ද අඩංගු අත්බෑගය රථය තුළ අමතක වී බැස ගොස් තිබෙනවා.

පසුව එම බෑගය පිළිබඳව එම පුද්ගලයා කුලී රථයේ රියදුරුගෙන් විමසා ඇති අතර, එය තම රථයේ ඇති බවත් එය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාරගන්නා ලෙසත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ගුවන් මගියා අද (31) දින උදෑසන අදාළ බෑගය භාරගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබූ රුපියල් 904,400ක මුදලක් නොමැති බව දැනගැනීමෙන් පසු ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මුදල් අතර ඇමරිකානු ඩොලර් ඇතුළු විදෙස් මුදල් ද තිබූ බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කුලී රථ රියදුරා සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ එම මුදල් හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය වෙත ලබාදුන් බවයි.

පසුව පොලිසිය කළ දැනුම්දීම මත අදාළ පෙම්වතිය පොලිසිය වෙත පැමිණ එම මුදල භාරදීමට අද (31) දහවල් දහවල් පියවර ගෙන තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට කුලී රථ රියදුරා අද (31) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කුලී රථ රියදුරා අනුරාධපුරය ප්‍රදේශයේ පදිංච් 38 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
9
+1
30
+1
7
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?