යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.
සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21) අදාළ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල කර ඇත.
යේමනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අරාබි රාජ්‍යයන්ගේ සන්ධානය විසින් 2015 වසරේ සිට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙති.
මෙම ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 10,000 පිරිසක් මේ වන විට මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




