ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කෙරේ – දේශපාලන ප්‍රභූන් රැසක් රටින් පනියි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ අද (21) පස්වරු 06.00 සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස ආරක්ෂාව තරකර තිබෙන බවට තොරතුරු වාර්තාවනවා.

අප දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; එම තත්ත්වය පසුගිය අරගලය පැවති සමයේ සාමාන්‍ය වැසියන් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ රැස් වී ගුවන් තොටුපොළ ඔස්සේ පිටව යාමට පැමිණෙන දේශපාලන ප්‍රභූවරුන් පිළිබඳ සොයා බැලීමට කටයුතු කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැස් කර තිබූ ආකාරය සිහිපත් කළ බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට මෙරට දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබෙන බව ද තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව ඊයේ (21) දින සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

එදින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) අලුයම 12.50 ට හොංකොං බලා කැතේ පැසිෆික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බව ද අප දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

කටුනායක ගුවන් තොටුපොළ සිට අමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ අමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
15
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40