ගුවන් ගමන් අවලංගුවීමෙන් රැඳී සිටින විදේශිකයින්ගේ වීසා කාලය තව දුරටත් දීර්ඝ කිරීමට අනුමැතිය

මැද පෙරදිග හරහා සිදුකරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක් වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාල සීමාව තව දුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව 2026-02-28 දින සිට මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිට වීමට නොහැකි වූ විදේශිකයින්ට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව විසා දීර්ඝ කිරීම් ලබාදීමට මෙලෙස අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම තවදුරටත් එවැනි ගුවන් ගමන් අවලංගු කිරීම් පවතී නම්, ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමේ කාලය තවත් දින 14ක් දක්වා ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !