ගුල්ලන් ගැසූ වී තොගයක් සහල් කරන්න පොළොන්නරු රැගෙන යද්දී මාට්ටු (ඡායාරූප)

වවුනියාව පිහිටි පෞද්ගලික ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ප්‍රවාහනය කළ ප්‍රමිතියෙන් තොර වී තොගයක් ඊයේ (24) වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස ප්‍රවාහනය කළ වී තොගය ගුල්ලන්ගෙන් හනිස් සිදුව ඇති බවයි සිදුකළ නිරීක්ෂණයේ දී දැකගත හැකිව තිබුණේ.

කිලෝ ග්‍රෑම් 16,000ක ප්‍රමිතියෙන් තොර මෙම වී තොගය ප්‍රවාහනය කළ ලොරි රථය ද එම නිලධාරීන්ගේ බාරයට ගෙන තිබෙනවා.

මෙලෙස ගුල්ලන් ගැසූ වී තොගය සහල් කිරීමට පොළොන්නරුවට රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම වී තොගය සහ ලොරි රථය එය ප්‍රවාහනය කළ පුද්ගලයා ද සමඟ අද (25) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?