ගුල්ලන් ගැසූ වී තොගයක් සහල් කරන්න පොළොන්නරු රැගෙන යද්දී මාට්ටු (ඡායාරූප)

වවුනියාව පිහිටි පෞද්ගලික ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ප්‍රවාහනය කළ ප්‍රමිතියෙන් තොර වී තොගයක් ඊයේ (24) වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස ප්‍රවාහනය කළ වී තොගය ගුල්ලන්ගෙන් හනිස් සිදුව ඇති බවයි සිදුකළ නිරීක්ෂණයේ දී දැකගත හැකිව තිබුණේ.

කිලෝ ග්‍රෑම් 16,000ක ප්‍රමිතියෙන් තොර මෙම වී තොගය ප්‍රවාහනය කළ ලොරි රථය ද එම නිලධාරීන්ගේ බාරයට ගෙන තිබෙනවා.

මෙලෙස ගුල්ලන් ගැසූ වී තොගය සහල් කිරීමට පොළොන්නරුවට රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම වී තොගය සහ ලොරි රථය එය ප්‍රවාහනය කළ පුද්ගලයා ද සමඟ අද (25) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17