ගුරු විදුහල්පති වැටුප් වැඩි කරයි – කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය !

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව අයවැයට එක්කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැති ලැබී ඇත.

එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට ද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කර ඇති බව පැවසේ.එසේම එම ගැටලුව සොයා බැලීමට පත් කළ ඇමැති අනු කමිටුවේ සම්පූර්ණ වාර්තාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

මේ තීන්දුවත් සමඟ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් මෙයට සති කිහිපයකට ඉහතදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් විය.එම තත්ත්වය හේතුවෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග,විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වේ.

ඉදිරි අයවැය සිට අදියර කීපයකින් මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අති මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03