ගුරු – විදුහල්පතිවරු අද වර්ජනයේ

රටතුල මතුව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුධයට ඉක්මන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා.

පවතින තත්වය හමුවේ පාසල් වෙත පැමිණීමේදී ආර්ථික සහ ප්‍රවාහන ගැටලු රැසකට පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

එම තත්වයට විසදුමක් ලෙස පාසල් දරුවන්ගේ නිවසට ආසන්නයෙන්ම ඇති පාසලෙන් ඔවුන්ට අධ්‍යාපනය හැදෑරිමටත් / ගුරුවරුන්ද තම පදිංචි ස්ථානයට ආසන්නයෙන් ඇති පාසල් වෙත අනුයුක්ත කරන ලෙසටත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැත් එයද බළධාරීන් ප්‍රතික්ශේප කර ඇති බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරන්නේ.

අද ක්‍රියාත්මක වැඩවර්ජනයට ගුරු-විදුහල්පති සියලු දෙනාට එක්වන ලෙසයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීමක් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?