ගුරුවරු නිල ඇඳුම් දීමනාවක් ඉල්ලයි

චක්‍රලේඛයක් මඟින් ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබාදිය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව සඳහන් කළා.

අත්තනෝමතික ලෙස චක්‍රලේඛය වෙනස් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව පසුගිය දා සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරුන් සම්බන්ධයෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?