ගුරුවරු අද සිට ඔන්ලයින් වර්ජනයක

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පොලීසිය බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීමක් ලෙස අද (12 වැනිදා) උදෑසන 6.00 සිට අඛණ්ඩව දැනට ගුරුවරුන් සිදු කරන මාර්ගගත ඉගැන්වීම්වලින් (ඔන්ලයින් අධ්‍යාපනය) ඉවත් වීමට ගුරු හා විදුහල්පති සංගම් 14ක් තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මීට අමතරව මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව මිරිහාන හා තලංගම යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ඉදිරිපත් කරන බවත් හෙතෙම අනුරාධපුර පැවති මාධ්‍ය හමුවේදී කීය. මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.

අද (12 වැනිදා) ඉඳලා අපොස උසස් පෙළ විභාග සඳහා ඔන්ලයින් මගින් විභාග ඉල්ලූම් පත‍්‍ර යොමු කිරීම සඳහා යොදවා සිටි ගුරු හා විදුහල්පතිවරුන් රාජකාරියෙන් ඉවත්වෙනවා. ඒ ගැන විභාග කොමාසරිස්වරයාට හා අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

මේ වෙනකොට ගුරුවරුන් ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වී කිසිම පහසුකමක් නොමැතිව මාර්ගගත ඉගැන්වීම් සිදුකරනවා. කලාප කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යන මාර්ගත ඉගැන්වීම් සියල්ලකින්ම සියලූ දෙනාම ඉවත් වෙනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට අසමත් වූ අධ්‍යාපන අමාත්‍යාංශය දැන් ඔක්තෝබර් මාසයේ පහේ ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පවත්වන්න හදනවා. මේක විහිළුවක්. දරුවන්ගේ විෂය නිර්දේශවලින් සියයට අසූවක්වත් කරලා නැහැ. ඒ සඳහා ප‍්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුයි.

කොවිඞ් වසංගතය හමුවේ ගුරුවරුන්ගේ වැටුප් අරගලය අප නැවැත්වූවා. නමුත් රජය අපිව මර්දනය කිරීමට ගන්නා උත්සාහයට එරෙහිව ඉදිරියේදී වැටුප් අරගලය ආරම්භ කරමින් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ගන්නවා.

පොලිස්පතිවරයා 5/27 දින නිකුත් කරපු චක‍්‍රලේඛයෙන් පොලිසියට කිව්වා නිරෝධායනය යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ශිෂ්ට ලෙස කරන්න කියලා. පසුගියදා පවත්වපු උද්ඝෝෂනවලදී පොලිසිය ඉතා නින්දිත ලෙස හැසිරෙමින් කටයුතු කළා. මිරිහාන හා තලංගම පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව වහාම විනය ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබුණා. ඒ සඳහා දවස් දෙකක් අපි පොලිස්පතිට කල්දුන්නා. එය නොකළ නිසා අද (12 දින* අපි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිලිකරනවා. ඒ වගේම මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ඉදිරිපත් කරනවා.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙසේ ද කීය.

මේ ආණ්ඩුව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දුන්නේ නැහැ. ඒ විෂමතාව විසඳාගන්න අපේ වෘත්තීය නායකයින් අරගල කරනකොට තර්ජනය කරනවා. කොතලාවල විශ්වවිiාලය පෞද්ගලිකකරණය කරනවාට එරෙහිව අරගල කරන්න යන අපේ වෘර්තීය සමිති නායකොයෝ කුදලාගෙන ගිහින් නිරෝධායනය කරනවා. මෙන්න මේ මර්දනයන්ට එරෙහිව අද ඉඳලා අඛණ්ඩව ගුරුවරුන් 2,48,000ක් හා විදුල්පතිවරුන් 16,000ක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වී වැඩවර්ජනයේ යෙදෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, සහ එම්. එම්. පී. ජී. පෙරේරා නොච්චියාගම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29