ගුරුවරු අදත් ලෙඩ නිවාඩු (වීඩියෝ)

ගුරු – විදුහල්පතිවරුන් වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (30) ආරම්භ කළා.

මේ සඳහා රජයේ පාර්ශ්වයේ නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළේ.

මේ අතර ඊයේ (30) ආරම්භ කළ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය ඇතුළු තවත් ගුරු විදුහල්පත් සංගම් කිහිපයක් සහාය පළකර තිබුනේ නැහැ.

ගුරු – විදුහල්පතිවරුන්ගේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹින් පිට පළාත්වල පාසල්වල ළමුන්ගේ පැමිණීම අද දිනයේ ඉතා අඩු මට්ටමක පැවති බව අප ප්‍රදේශීය වාර්තාකරුවන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?