ගුරුවරියන් දෙදෙනකුගේ පහරකෑමට ලක් වූ සිසුවිය මෙලොවින් සමු ගනියි

මීට මාස තුනකට පමණ පෙර වෙන්නප්පුව ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු විසින් එල්ල කරන ලද දරුණු පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අංශය වෙන්නප්පුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා සඳහන් කළේ එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනයේ දීම සිදු කළ දේහය ඥාතීන්ට භාර දුන් බවත්; ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ එල්ල වූ ප්‍රහාරවලින් මොළයට විශාල වශයෙන් සිදු වූ රුධිර වහනයක් බවයි.

මෙම දැරිවිය රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අපේක්ෂාවෙන් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එම ප්‍රදේශයේ ම පදිංචි රමේෂා දිනිති නමැත්තියක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් නික්ම ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී ඇති බව ද වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඇයගේ පන්තිභාර ගුරුවරිය හා තවත් ගුරුවරියක විසින් මෙම අමානුෂික පහරදීම සිදු කරනු ලැබුවේ අගෝස්තු මස 23 වැනිදිනයි.

එහිදී අදාළ දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර පිළිතුරු දීම හේතුවෙන් ඇයට පහර දී අව්වේ දණ ගැස්සවූ බවත් ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අත් අඩංගුවට ගැනුණු 39 හා 57 යන වයස්වල පසුවන සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැරුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදායි.

අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදු ව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙන්.

අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
26
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?