එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරියකට වෙඩි තැබීම සම්බන්ධයෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිව්පෝර්ට් නිවුස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලේදී වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දරුවාට ගිනි අවිය ලැබුණේ කෙසේද යන්න පැහැදිළි නොමැති වුව ද මෙය අහඹු සිදුවීමක් නොවන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 30ක් පමණ වන ගුරුවරිය තුවාල සහිතව රෝහල් ගතකර සිටිනවා.
ඇය ප්‍රාදේශීය රෝහලකට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයකදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව බව සඳහන්.
සිසුන් 550ක් පමණ සිටින මෙම පාසලේ ලෝහ හඳුනාගැනීමේ පහසුකම් තිබුණද, අද දිනයේ සිසුන් අහඹු ලෙස පරීක්ෂා කර ඇති අතර සෑම දරුවෙකුම පරීක්ෂා නොකළ බවයි පාසලේ ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ.
සිද්ධියට යොදාගත් ගිනි අවිය කුමක් ද යන්න පිළිබඳ හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිව්පෝට් නිවුස් යනු 180,000ක පමණ ජනගහනයක් සිටින නගරයක් වන අතර රිච්මන්ඩ් ප්‍රාන්ත අගනුවරට දකුණින් සැතපුම් 70ක් (112km) පමණ දුරින් පිහිටා තිබෙනවා.




