AFC Banner
AFC Banner
Empty Ad

ගුජරාටය රඳවා ගත් පාණ්ඩ්‍යාව ලොකු මුදලකට මුම්බායි ඉන්දියන්ස් මිල දී ගනී

ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනා බලා සිටි හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ක්‍රීක්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

2024 අයි.පී.එල් වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් මුදා හැරීමේ සහ රඳවා ගැනීමේ අවසන් දිනය වන අද (26) දිනයේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි ක්‍රීක්බස් වෙබ් අඩවිය තහවුරු කරන්නේ.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ලීග් ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 15ක් වනවා.

කෙසේ වෙතත් මෙම විශාල ගනුදෙනුවේ වටිනාකම පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

මෙම වෙළඳාම සඳහා විධිමත් අනුමැතියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අයි.පී.එල් කමිටුව විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (26) පෙරවරුවේ අවසන් වූ ක්‍රීඩකයින් මුදාහැරීමේ සහ රඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී හර්දික් පාණ්ඩ්‍යා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ රැඳී සිටින බවයි අනාවරණය වුණේ.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීක්බස් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාව ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් සිය කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
0
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?