තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේ දී සිදුකරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
මෙරට නිල සංචාරය සඳහා පැමිණ සිටි ඉන්දීය අගමැතිවරයා අද (06) පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට පැමිණ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත් අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබෙනවා.
බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බවයි පැවසුවේ.
අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ආශිර්වාදය පළ කළා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවා.
මේ අතර ජයශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.