ගිම්හාන් ට මරු කැඳවූ කොසු පහර

ගාල්ල, මහමෝදර, සියඹලාහේන ප්‍රදේශයේ පියෙකු විසින් පාඩම් කරන්නැයි කියා තරවටු කිරීමක දී තුවාල ලැබූ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිම්හාන් විමුක්ති නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදානමින් සිටි එම දරුවා මාස කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු නොවීම හේතුවෙන් පියා විසින් එලෙස තරවටු කර ඇත.

එහිදී පියා විසින් කොසු මිටකින් දරුවාගේ පිට ප්‍රදේශයට පහරක් එල්ල කර ඇති අතර, එයින් වැළකීමට උත්සහ දැරීමේ දී පහර දරුවාගේ හිසට එල්ල වී තිබේ.

පසුව තුවාල ලැබු දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

සිය දරුවාට ඉතා ආදරයෙන් සිට ඇති පියා දරුවාගේ අධ්‍යාපනය නතරවීම පිළිබඳ ඇති බියෙන් එලෙස තරවටු කර ඇතැයි ඥාතීන් පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වු මියගිය දරුවා ඥාතියෙක්,

“හරිම අහිංසකයි තාත්තා. පාඩම් කරපු නැති නිසයි ගහලා තියෙන්නේ. අත්වැරැද්දක් වෙලා තියෙන්නේ. තාත්තා හිතාමතා කරපු දෙයක් නෙමෙයි. තාත්තා තාම දන්නේ නෑ පුතා මැරිල ද කියලාවත්. පොලීසියේ තාත්තා ඉන්නේ. හරිම අසරණයි තාත්තත්. ඔන්ලයින් ගිහපු නැති නිසයි මේක වෙලා තියෙන්නේ. තාත්තා සැර කරලා. කේන්තියට ගහලා තියෙන්නේ. කොස්සෙන් පිටට ගහපු එක තමයි පහත් වෙද්දි ඔලුවට වැදිලා තියෙන්නේ. කරුමේ කියන්නේ ඒක තමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?