ගිම්හාන් ට මරු කැඳවූ කොසු පහර

ගාල්ල, මහමෝදර, සියඹලාහේන ප්‍රදේශයේ පියෙකු විසින් පාඩම් කරන්නැයි කියා තරවටු කිරීමක දී තුවාල ලැබූ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිම්හාන් විමුක්ති නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදානමින් සිටි එම දරුවා මාස කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු නොවීම හේතුවෙන් පියා විසින් එලෙස තරවටු කර ඇත.

එහිදී පියා විසින් කොසු මිටකින් දරුවාගේ පිට ප්‍රදේශයට පහරක් එල්ල කර ඇති අතර, එයින් වැළකීමට උත්සහ දැරීමේ දී පහර දරුවාගේ හිසට එල්ල වී තිබේ.

පසුව තුවාල ලැබු දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

සිය දරුවාට ඉතා ආදරයෙන් සිට ඇති පියා දරුවාගේ අධ්‍යාපනය නතරවීම පිළිබඳ ඇති බියෙන් එලෙස තරවටු කර ඇතැයි ඥාතීන් පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වු මියගිය දරුවා ඥාතියෙක්,

“හරිම අහිංසකයි තාත්තා. පාඩම් කරපු නැති නිසයි ගහලා තියෙන්නේ. අත්වැරැද්දක් වෙලා තියෙන්නේ. තාත්තා හිතාමතා කරපු දෙයක් නෙමෙයි. තාත්තා තාම දන්නේ නෑ පුතා මැරිල ද කියලාවත්. පොලීසියේ තාත්තා ඉන්නේ. හරිම අසරණයි තාත්තත්. ඔන්ලයින් ගිහපු නැති නිසයි මේක වෙලා තියෙන්නේ. තාත්තා සැර කරලා. කේන්තියට ගහලා තියෙන්නේ. කොස්සෙන් පිටට ගහපු එක තමයි පහත් වෙද්දි ඔලුවට වැදිලා තියෙන්නේ. කරුමේ කියන්නේ ඒක තමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57