ගිනි අවි පෙන්වා දැරියක් පැහැරගත් බව කියන සිද්ධියට පියා සහ බාප්පා අත්අඩංගුවට

සූරියවැව බැද්දෙවැවදී ගිණි අවියක් පෙන්වා අවුරුදු 06ක දැරියක් පැහැර ගත් බව කියන සිද්ධියට අදාළව දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ඉදිරි නඩු දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (05) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ දැරියගේ පියා වන 32 හැවිරිදි අයෙක් සහ ඔහුගේ බාල සොහොයුරායි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කල කරුණු සළකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැරිය පියා බාරයේම තබාගැනිමට ද අවසර ලබාදී තිබෙනවා.

මෙම දැරිය යතුරුපැදිවලන් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ගිණි අවියක් පෙන්වා පසුගිය 04 වනදා අළුයම පැහැරගෙන ගිය බවටයි දැරියගේ පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ.

ඒ අනුව පරික්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ලබා දී ඇති පරස්පරවිරෝධී ප්‍රකාශ හේතුවෙන් පොලිසිය දැරියගේ පියා සහ ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා සහ පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කල සිදුවිමක් බවයි.

මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීම හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි සඳහන්.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ 03 වන දින තම දැරිය සූරියවැව  පිහිටි ඥාති වරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව 4 දින අළුයම මෙම පැහැර ගැනීම සිදුවු බවට පොලීසියට පැමිණිලි කළ බවයි.

පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා 04 දින උදෑසන දැරිය නවතා තිබූ ඥාති නිවසින් රැගෙන හම්බන්තොට රෝහල අසලට ගොස් දික්වැල්ල දොඩම්පහල ප්‍රදේශයේ පදිංචි බිරිදගේ ඥාති වරයෙකුගේ නිවසට යවා ඇතැයි ද පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකල පොලිස් විමර්ශණවලදී සැකකාර පියා සහ ඔහුගේ බාල සොහොයුරා එක්ව මෙම සිදුවිම නිර්මාණය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනිම හේතුවෙන් මෙලෙස ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15