AFC Banner
AFC Banner
Empty Ad

ගිනි අවි පෙන්වා දැරියක් පැහැරගත් බව කියන සිද්ධියට පියා සහ බාප්පා අත්අඩංගුවට

සූරියවැව බැද්දෙවැවදී ගිණි අවියක් පෙන්වා අවුරුදු 06ක දැරියක් පැහැර ගත් බව කියන සිද්ධියට අදාළව දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ඉදිරි නඩු දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (05) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ දැරියගේ පියා වන 32 හැවිරිදි අයෙක් සහ ඔහුගේ බාල සොහොයුරායි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කල කරුණු සළකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැරිය පියා බාරයේම තබාගැනිමට ද අවසර ලබාදී තිබෙනවා.

මෙම දැරිය යතුරුපැදිවලන් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ගිණි අවියක් පෙන්වා පසුගිය 04 වනදා අළුයම පැහැරගෙන ගිය බවටයි දැරියගේ පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ.

ඒ අනුව පරික්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ලබා දී ඇති පරස්පරවිරෝධී ප්‍රකාශ හේතුවෙන් පොලිසිය දැරියගේ පියා සහ ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා සහ පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කල සිදුවිමක් බවයි.

මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීම හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි සඳහන්.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ 03 වන දින තම දැරිය සූරියවැව  පිහිටි ඥාති වරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව 4 දින අළුයම මෙම පැහැර ගැනීම සිදුවු බවට පොලීසියට පැමිණිලි කළ බවයි.

පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා 04 දින උදෑසන දැරිය නවතා තිබූ ඥාති නිවසින් රැගෙන හම්බන්තොට රෝහල අසලට ගොස් දික්වැල්ල දොඩම්පහල ප්‍රදේශයේ පදිංචි බිරිදගේ ඥාති වරයෙකුගේ නිවසට යවා ඇතැයි ද පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකල පොලිස් විමර්ශණවලදී සැකකාර පියා සහ ඔහුගේ බාල සොහොයුරා එක්ව මෙම සිදුවිම නිර්මාණය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනිම හේතුවෙන් මෙලෙස ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?