ගිනිගත් නැවේ කපිතාන් යොමුකළ ඊමේල් පණිවිඩවලට දේශීය සමාගමක් කල දේ හෙළිවේ

ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු හත්දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස සිදුකළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

එහිදී ඔහු සඳහන් කළේ, අනතුරට පත් නෞකාවේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි ඇතුළු හත්දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ දැනට සැකකරුවන් වශයෙන් නම් කර සිටින අදාළ නෞකාවේ ප්‍රධාන සහ දෙවන ඉංජිනේරුවරයා යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා, එම නඩුකරය විභාග කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු කටයුත්තක් බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එම පුද්ගලයින් සැකකරුවන් වශයෙන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතිසි නිකුත් කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව තීන්දු කරමින් එම ඉල්ලීම ඉවත දැමීය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනතුරට පත්ව ඇති නෞකාව තිබෙන ප්‍රදේශයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම අදාළ අනතුර සිදුවූ වකවානුවේ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නැව් නියෝජිත සමාගම අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂා කිරීමට එම ඊමේල් දත්ත ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද අධිකරණය අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම අදාළ නෞකාවෙන් ලබා ගත් එහි වී.ඩී.ආර්. යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

නඩු විභාගය ආරම්භයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ගිනි ගැනීමට ලක් වූ නෞකාව දේශීය ජල තීරයට ඇතුළුවීමේ දී සත්‍ය වසන් කර පරස්පර විරෝධී ප්‍රකාශ ඉදිරිපත් කරමින් රට තුළට ඇතුළු වී ඇති බවට චෝදනා එල්ල කළේය.

අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුව මැයි මස 10වනදා සිට සිදුවී ඇති බව දැනට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර ඇත.

අදාළ නෞකාව කිසිදු රටකට ඇතුළු වීමට නුසුදුසු තත්ත්වයක පවතින බව දනිමින් එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය අසත්‍ය කරුණු ඉදිරිපත් කර මෙරට ජල තීරයට ඇතුළු වී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

නෞකාවක් කිසියම් වරායට ඇතුළු වීමට පෙර එහි හානිකර ද්‍රව්‍ය පවතින බවට ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නෞකාව සම්බන්ධයෙන් එහි දේශීය නියෝජිතායතනය මැයි මස 19 වනදා හාබර් මාස්ටර්වරයා වෙත සිදුකර ඇති ප්‍රකාශය තුළින් අදාළ නෞකාව තුළ අනතුරුදායක ද්‍රව්‍ය පවතින බවත් ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අසුරා ඇති බව පවසා ඇතැයි සඳහන් කළේය.

එසේ පැවසූ දේශීය නියෝජිත සමාගම ඊට පසුදින නෞකාව තුළ ගින්නක් පවතින බව දන්වමින් හාබර් මාස්ටර්වරයා වෙත වෙත ප්‍රකාශයක් ලබාදීම ගැටලු සහගත බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය සත්‍ය වසන් කිරීමක් බවද පැවසුවේය.

එමෙන්ම එම නෞකාව මෙරටට ඇතුළුවීමට අදාළව නෞකාවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත සමාගම වෙත යොමු කරන ලද e-mail පණිවිඩ කීපයක් එම ආයතනයේ සේවය කරන පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් මකා දමා ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකරන බවත් ඔහු දන්වා සිටියේය.

කෙසේ වෙතත් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් සත්‍ය වසන් කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී ඇති බවට පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

අනතුරුව පැමිණිල්ල ලබන 15 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
"අනේ..පව්..හරිම දුප්පත් ළමයෙක්"කොන්ක්‍රීට් තට්ටුවක් වැ#මෙන් දරුවෙකුගේ දිවි අහිමි වෙයි
02:07
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26
Video thumbnail
මහින්දගෙන් විපක්ෂයට සැර සත්තමක්..විපක්ෂයට වෙබ් ලින්ක් එකක් හරි කමක් නෑ
04:21
Video thumbnail
රෝහණට ආරක්ෂාව ඉල්ලා දයාසිරි, සජිත් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්..ඔයාලා මට ආරක්ෂාව දෙනවද? නැද්ද?
07:21


?