AFC Banner
Empty Ad
Empty Ad

ගිනිකොන දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අද (14) දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එය ඉදිරි දින දෙක තුළ හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුව එය බටහිර – වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුවෙරි සහ යාබද දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරය දෙසට ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව පහත දක්වා ඇති සිතියමේ “Warning” කාණ්ඩයේ (තද රතු පාටින් දක්වා ඇති) සලකුණු කර ඇති ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?