ගිනිකොණදිග ඔස්ට්‍රේලියාවට ගංවතුර අවධානමක්

ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිකොණ දිග ඔස්ට්‍රේලියාවට ගං වතුර අවධානමක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. වික්ටෝරියා ප‍්‍රාන්තයට සහ තස්මේනියා දූපත්වලට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවයි කාළගුණ අංශ පවසන්නේ.

පසුගිය දින කිහිපය තුළ මෙම ප‍්‍රදේශවලට මිලිමීටර 140කට අධික වැසි පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සිටින වික්ටෝරියා ප‍්‍රාන්තයේ ද මේ වන විට ඇති විය හැකි ගංවතුරෙන් ආරක්ෂා වීම සඳහා පූර්වාරක්ෂක ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !