ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් 

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

හෙට දිනයේ ගැස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි,එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ.

ඒ අනූව එම ගෑස් තොගය අනිද්දා සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.