ගෑස් පාරිභෝගිකයන්ට සතුටුදායක පුවතක්

අද (15) සිට දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් තොග ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව එම සමාගම සඳහන් කළේය.

සුළු වශයෙන් නිවාස සඳහා ද ගෑස් ලබාදීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු දින 6කට පසුව ඊයේ (14) ආරම්භ කර තිබුණි. ඒ එම නෞකාව සඳහා ලබාදීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගෙවීමෙන් අනතුරුවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?