ගෑස් ප්‍රවාහන රථයක් පිපිරීමෙන් පුද්ගලයන් 6ක් ජිවිතක්ෂයට

මොංගෝලියාවේ Ulaanbaatar අගනුවරදී ටොන් 60ක ස්වභාවික ද්‍රව ගෑස් රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද උදෑසන ගෑස් රැගත් ට්‍රක් රථය මෝටර් රථයක ගැටීමෙන් ගින්න හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් විශාල පිරිසක් ද යවා ඇති බවයි මොංගෝලියා බලධාරීන් සඳහන් කළේ.

ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න අවට ගොඩනැගිලි වෙත ද පැතිර ගොස් තිබුණා.

මොංගෝලියාවේ නියෝජ්‍ය අගමැති Sainbuyan Amarsaikhan ප්‍රකාශ කළේ ගින්නෙන් කිසිදු ගොඩනැගිල්ලක ඇතුළත ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

තුවාල ලැබූවන් අතර ළමුන් හතර දෙනෙකු සිටින බවත්, විෂ ශරීරගත වීම සඳහා ප්‍රතිකාර ලබන එක් අයෙකු ද සිටින බවයි මොන්ගෝලියාවේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ.

මෙවැනි අනතුරුදායක බරක් රැගත් ටැංකියකට පාසල් රැසක් ඇතුළත් නේවාසික ප්‍රදේශයට යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43