ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් අලුත් ආරංචියක්

ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්තිටුවා ඇති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 25 වනදා මෙරටට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බවය.

එසේම එළඹෙන 27 වනදා ද නැවත ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 1300ක පමණ ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම සතුව ඇති බවද විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ගෑස් තොග හෝටල්, ආරක්ෂක අංශ, ආදාහනාගාර සහ රෝහල් වැනි  අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන වෙත බෙදාහැරීමට නියමිතව ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?