වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති ඉන්ධන හා ගෑස් ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් ලෙස දැව අඟුරු නිෂ්පාදන ක්‍රියාවලිය රාජ්‍ය දැව සංස්ථාව විසින් ආරම්භ කර තිබේ.
දැව සංස්ථාව විසින් ඉවත ලන දැව කැබළි ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් දැව අඟුරු නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි මින් පෙර කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
ඒ අනුව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති එම්. එස්. කරුණාරත්න මහතා විසින් මෙම කටයුතු සිදු කරන ලෙස දැව සංස්ථාවට උපදෙස් දෙන ලදී.
රාජ්‍ය දැව සංස්ථාව විසින් නිෂ්පාදිත දැව අඟුරු හඳුන්වා දීම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
මෙම දැව අඟුරුවල තාප ධාරිතාවය ඉතා ප්රශස්ත මට්ටමක පවතින බව කාර්මික තාක්ෂණ ආයතනය විසින් තහවුරු කර ඇති බව ආචාර්ය මුතුමාල මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය දැව සංස්ථාව විසින් හඳුන්වා දෙන මෙම දැව අඟුරු කිලෝවක් රුපියල් 130ක මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත. දැනට මේ සඳහා විශාල ඉල්ලුමක් පවතින හෙයින් මෙම නිෂ්පාදනය පුළුල් කර ඉදිරියේ දී දිවයින පුරා බෙදා හැරීමට කටයුතූ යොදා ඇතැයි දැව සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.
රාජ්‍ය දැව සංස්ථාව විසින් කපා ඉවත් කරන දැව කොටස් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිරාපත් වීමට ඉඩ හැර තිබුනත්, දැන් එම දැව කොටස් යොදා ගනිමින් ඉන්දන හා ගෑස් අර්බුදයට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස දැව අඟුරු නිෂ්පාදනයට පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය දැව සංස්ථා කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පළ කළේය.




