ගැලැඩියේටර්ස්වරුන්ට ආපසු යන්නට “වීසා” ගහයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද(6) අවසන් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි කර දෙමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ දී පිතිකරුවන්ගේ දක්ෂතාවයන්ට වඩා පන්දු යවන්නන්ගේ දක්ශතා සදහා අවස්ථාව හිමි වුනා.අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 116ක් පමණයි.

බෙන් ඩන්ක් හා සමිත් පටෙල් හැරුණු විට වෙනත් කිසිදු මුල් පෙල හෝ මැද පෙල පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

ඩන්ක් පන්දු 25කින් ලකුණු 38ක් රැස් කළ අතර, සමිත් පටෙල් ලකුණු 14ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 4කටත් දැවී ගිය අතර, මොහොමඩ් හෆීස් ලකුණු 8කට දැවී ගියා.

ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ඉසුරු උදාන පන්දු 17කින් නොදැවී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සමගින්. නූර් අහ්මඩ් නොදැවී ලකුණු 11යි.

පන්දු යැවීමේ දී ධනජය ද සිල්වා, දුෂ්මන්ත චමීර හා අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තා.

ධනංජය ද සිල්වා මෙම තරගයේ පළමු පන්දුවාරය ද යොමු කළ අතර, ඔහු යොමු කළ පළමු පන්දු 14 ම නිලකුණු පන්දු වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටොම් බැන්ටන් ලකුණු 10කටත්, පැතුම් නිස්සංක එක් ලකුණකටත් දැවී ගිය අතර, කුසල් පෙරේරා ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 10ක් රැස් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආබාධය හේතුවෙන් මෙම තරගයේ දී ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා පන්දු 28කින් ලකුණු 24 රැස් කළා.දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් ස්ටාර්ස් කණ්ඩායමේ නැංගුරම බවට පත් වුණා.

ඩේවිඩ් වීසා පන්දු 16කින් හයේ පහර 2ක් සමග ලකුණු 22ක් ලබා ගනිමින් තරගයේ ජය ස්ටාර්ස් පිලට තහවුරු කර ගැනීම සදහා අවශ්‍ය මග සකස් කළා.පන්දු යැවීමේ දී නුවන් තුෂාර හා පුලින තරංග කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, මොහොමඩ් හෆීස් හා නූර් අහ්මඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50