ගැරඩිඇල්ල බස් අනතුර ගැන සොයන්න විශේෂ පොලිස් කමිටුවක්

කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට තවත් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ඇතුළත්.

මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩ කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිස් සඳහන් කරනවා.

ඉදිරියේ දී මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද මෙම කමිටුවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?