ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඇල්ලූ යාත්‍රා 02 ගාල්ල වරායට (ඡායාරූප)

පසුගිය 12 වනදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ බහුදින ධීවර යාත්‍රා දෙක ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

එම ධීවර යාත්‍රාවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83යි ග්‍රෑම් 582ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි ග්‍රෑම් 906ක ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 3798 කට අධික බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත මෙරට ධීවර යාත්‍රාවක් සැකරුවන් හය දෙනෙකු සහ එම මතද්‍රව්‍ය තොගය හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් සිව් දෙනෙක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133ක් පමණ පමණ දුරක දී අත්අඩංගුවට ගැනුණු අදාළ යාත්‍රා දෙක ගාල්ල වරාය වෙත රැගෙන ආ පසු එම යාත්‍රා සහ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් පරීක්ෂාවකට ද ලක්කර කෙරුණා.

WhatsApp Image 2024 04 14 at 9.01.50 AM 1
WhatsApp Image 2024 04 14 at 9.01.50 AM
WhatsApp Image 2024 04 14 at 9.01.49 AM 2
WhatsApp Image 2024 04 14 at 9.01.49 AM 1
WhatsApp Image 2024 04 14 at 9.01.49 AM
WhatsApp Image 2024 04 14 at 9.01.48 AM
WhatsApp Image 2024 04 14 at 9.01.47 AM 1
WhatsApp Image 2024 04 14 at 9.01.47 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?