ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඇල්ලූ යාත්‍රා 02 ගාල්ල වරායට (ඡායාරූප)

පසුගිය 12 වනදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ බහුදින ධීවර යාත්‍රා දෙක ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

එම ධීවර යාත්‍රාවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83යි ග්‍රෑම් 582ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි ග්‍රෑම් 906ක ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 3798 කට අධික බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත මෙරට ධීවර යාත්‍රාවක් සැකරුවන් හය දෙනෙකු සහ එම මතද්‍රව්‍ය තොගය හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් සිව් දෙනෙක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133ක් පමණ පමණ දුරක දී අත්අඩංගුවට ගැනුණු අදාළ යාත්‍රා දෙක ගාල්ල වරාය වෙත රැගෙන ආ පසු එම යාත්‍රා සහ මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් පරීක්ෂාවකට ද ලක්කර කෙරුණා.

WhatsApp Image 2024 04 14 at 9.01.50 AM 1
WhatsApp Image 2024 04 14 at 9.01.50 AM
WhatsApp Image 2024 04 14 at 9.01.49 AM 2
WhatsApp Image 2024 04 14 at 9.01.49 AM 1
WhatsApp Image 2024 04 14 at 9.01.49 AM
WhatsApp Image 2024 04 14 at 9.01.48 AM
WhatsApp Image 2024 04 14 at 9.01.47 AM 1
WhatsApp Image 2024 04 14 at 9.01.47 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14