ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් දිවයිනෙන් ඉවතට – සුළි කුණාටුවක් නැති බවට ප්‍රකාශයක් (නිවේදනය)

දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාපතනය සමග සුළි සුළං තත්ත්වය ක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද (29) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් පමණ ඊසාන දෙසින් පැවති මෙම ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් ඇති බවයි.

අද උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ම එය පැවතිය ද කිසිදු ලෙසකින් සුළි කුණාටුවක් ඇති නොවන බවයි එහි දැක්වෙන්නේ.

එය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් හෙට (30) දිනයේ දී උතුරු තමිල්නාඩු – පුදුචෙරි වෙරළින් ගොඩබිමට ඇතුල් වනු ඇති.

මෙම සුළිකුණාටු තත්ත්වය පිළිබඳව ඉන්දියාවේ කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානය (RSMC – India) නිවේදනයක් නිකුත් කරමින් ඊයේ රාත්‍රියේ දී සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය කිසිදු ලෙසකින් සුළි කුණාටු තත්ත්වයක් නිර්මාණය නොකරන බවයි.

මෙම පද්ධතියේ බලපෑම මගින් අද (29) දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පැවතිය හැකි අතර වැසිබර ස්වභාවයක් දිස්වනු ඇති.

කෙසේ වෙතත් උතුරු පළාතත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් හැරුණ විට සෙසු ප්‍රදේශවල ධාරාණිපාත වැසි අවම ස්වභාවයක් ගන්නා බවත් වාර්තා වනවා.

එමෙන්ම උතුරු පළාහත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව මෙරට පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි යි.

උතුරු, උතුරුමැද, වයඹ, නැහගනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 60 ක පමණ
වේගයෙන් හමන තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කලාපීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Regional Specialized Meteorological Centre (RSMC-India) නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
7
+1
1
+1
4
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?