අලුත් අවුරුදු සමයේ සුරාබදු වැටලීම් – දැනටමත් 1,320ක් අත්අඩංගුවේ

අලුත් අවුරුදු සමයේ මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 1,320 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම්වල දී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගර 224ක්, නීති විරෝධී මත්පැන් අලෙවි කළ ස්ථාන 658ක් ඇතුළු වැටලීම් 1,178ක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව අයිස් සහ හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි 56 දෙනෙකු ද ඇතුළු වස විස අබිං සහ අන්තරායක ඖෂධ පිළිබද ආඥා පනතට අනුව සැකකරුවන් 85 දෙනෙකු දසුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දුම්කොළ ආඥා පනතට අනුව වැරදි සිදුකළ සැකකරුවන් 57 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, සුරාබදු ආඥා පනතට අනුව විධිවිධාන කඩ කරමින් මත්පැන් අලෙවි කරමින් සිටි බලපත්‍රලත් රටබීම හල් 03 කට මුද්‍රා තැබීමට ද සුරාබදු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී ඒ ඒ ප්‍රදේශයන්වල අධිකරණවල දී නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට අමතරව මුද්‍රාතබා ඇති රටබීම අලෙවිසැල් වලට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තු නීතිය අනුව කටයුතු කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මෙම විශේෂ මෙහෙයුම් ලබන 17 වනදා තෙක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30