ගැබිණි මව්වරුන්ට ලැබෙන පෝෂණ දීමනාව ඉහළට

ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 20,000ක් ලෙස පැවැති පෝෂණ දීමනාව රුපියල් 45,000ක් ලෙස සංශෝධනය කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට පෙර සිදු කළ ආකාරයෙන්ම ගැබිණි සමයේ මාස 6ක කාලයකුත්, දරුවාට කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10ක කාලයක් සඳහා මෙම දීමනාව ලබාදීමට නියමිතයි.

එහිදී මාසිකව රුපියල් 4500 බැගින් මාස 10ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බවයි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
97
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?