AFC Banner
AFC Banner
Empty Ad

ගැටුම් ඇවිලෙන සුඩානයෙන්, ඇමරිකානු තානාපති නිලධාරීන් ඉවත්කර ගනී

සුඩානයේ හමුදා රජය සහ ආර්.එස්.එෆ්. හමුදා බලකාය අතර දෙවන සතියටත් ඇවිලී යන ගැටුම් හේතුවෙන් එරට රැඳී සිටි සියළුම ඇමෙරිකානු තානාපති නිලධාරීන් කාර්ටුම් අගනුවරින් ඉවත් කෙරුණා.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ නියෝගයක් මත සුඩානයේ මෙතෙක් රැදී සිටි සියළුම ඇමෙරිකානු තානාපති නිලධාරීන් ඉවත්කර ගැනීමට කටයුතු කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ, අනුව 100 කට වඩා අඩු පිරිසක් අද අලුයම කාර්ටුම් අගනුවරින් ඉවත් කර ඇති බව වාර්තා වන අතර, ඔවුන් රැගෙන යාමට සඳහා හෙලිකොප්ටර් තුනක් එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලට ගොඩ බස්සවා තිබෙනවා.

මේ අතර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනය කළේ සුඩානයේ වෙසෙන තම පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය එරටින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට පුද්ගකයින් 400 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් සුඩාන හමුදා ජනරාල්වරුන් දෙදෙනෙකු අතර පවතින මේ අවි සංග්‍රාමයෙන් මිලියනයකට අසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?