ගැටුම් ඇවිලෙන සුඩානයෙන්, ඇමරිකානු තානාපති නිලධාරීන් ඉවත්කර ගනී

සුඩානයේ හමුදා රජය සහ ආර්.එස්.එෆ්. හමුදා බලකාය අතර දෙවන සතියටත් ඇවිලී යන ගැටුම් හේතුවෙන් එරට රැඳී සිටි සියළුම ඇමෙරිකානු තානාපති නිලධාරීන් කාර්ටුම් අගනුවරින් ඉවත් කෙරුණා.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ නියෝගයක් මත සුඩානයේ මෙතෙක් රැදී සිටි සියළුම ඇමෙරිකානු තානාපති නිලධාරීන් ඉවත්කර ගැනීමට කටයුතු කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ, අනුව 100 කට වඩා අඩු පිරිසක් අද අලුයම කාර්ටුම් අගනුවරින් ඉවත් කර ඇති බව වාර්තා වන අතර, ඔවුන් රැගෙන යාමට සඳහා හෙලිකොප්ටර් තුනක් එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලට ගොඩ බස්සවා තිබෙනවා.

මේ අතර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනය කළේ සුඩානයේ වෙසෙන තම පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය එරටින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට පුද්ගකයින් 400 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් සුඩාන හමුදා ජනරාල්වරුන් දෙදෙනෙකු අතර පවතින මේ අවි සංග්‍රාමයෙන් මිලියනයකට අසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14