ගැටුමක් නතර කරන්න මැදිහත් වූ පුද්ගලයෙකු ඝාතනය කළ 5ක් අත්අඩංගුවට

මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවත ප්‍රදේශයේදී ගැටුමක් අතරතුර පහරදීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 24 වනදා රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත් වීමේදී 39 හැවිරිදි මෙම පුද්ගලයා පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය සිදු කළ විමර්ශණයකට අනුව ඊයේ (26) සවස මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 16, 22, 27, 34 සහ 38 වයස්වල පසුවන ඔවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළිවී ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට මැදිහත් වීමේදී මෙම පුද්ගලයා ඝාතනයට ලක්වී ඇති බවටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු මත මෙම අපරාධයට භාවිත කරන ලද යකඩ බටයක්, බයින්ඩින් කටරයක් සහ බොක්ස් බාර් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24