AFC Banner
AFC Banner
Empty Ad

ගැටුමක් නතර කරන්න මැදිහත් වූ පුද්ගලයෙකු ඝාතනය කළ 5ක් අත්අඩංගුවට

මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවත ප්‍රදේශයේදී ගැටුමක් අතරතුර පහරදීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 24 වනදා රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත් වීමේදී 39 හැවිරිදි මෙම පුද්ගලයා පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය සිදු කළ විමර්ශණයකට අනුව ඊයේ (26) සවස මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 16, 22, 27, 34 සහ 38 වයස්වල පසුවන ඔවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළිවී ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට මැදිහත් වීමේදී මෙම පුද්ගලයා ඝාතනයට ලක්වී ඇති බවටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු මත මෙම අපරාධයට භාවිත කරන ලද යකඩ බටයක්, බයින්ඩින් කටරයක් සහ බොක්ස් බාර් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?