ගැටුමකට එළිය දෙන්න බෑ කියූ වෑන් රියදුරාට පහරදීමක්

ගාල්ල මාපලගම ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

යටලමත්ත ප්‍රදේශයේ සිට මාපලගමට පැමිණෙමින් සිටියදී යි සැකකරුවන් වෑන් රථය නවතා රියදුරාට පහර දී ඇති අතර
පහරකෑමට ලක්වූ මාපලගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.

පසුගිය 15 වනදා දහවල් කාලයේ මාපලගම ප්‍රදේශයේ පිරිසක් යටලමත්ත ප්‍රදේශයේ පිහිටි සුබසාධන කටයුත්තක් සඳහා ප්‍රවාහනය කර එදින රාත්‍රී කාලයේ නැවතත් මාපලගම ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී වෑන් රථයේ රියදුරුට මාපලගම කොළඹ කඩේ ප්‍රදේශයේ දී වාහනය නවතා මෙලෙස පහරදී ඇතැයි සඳහන්.

පහරකෑමට ලක් වූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් නැවත හරවා යවා ඇති අතර පහර දුන් පුද්ගලයන් වෑන් රථය පසුපස ත්‍රී රෝද රථයකින් හඹා ගොස් යළිත් පොලු මුගුරුවලින් පහර දී තිබෙනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනුව නාගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පහර දුන් පිරිස හඳුනාගෙන ඇති අතර සැකකරුවන් පළා ගොස් තිබුණා.

පසුදින (16) පහරකෑමට ලක්වු පුද්ගලයා කරන ලද පැමිණිල්ලක් අනුව පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දෙපිරිසක් අතර ගැටුමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ එක් පාර්ශවයක් විසින් වෑන් රථය වාහනය නවත්වා අනෙක් පාර්ශවයට පහර දෙන තෙක් විදුලි ආලෝකය ලබාදෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රියදුරාට පහර දී ඇති බවයි.

පහර කෑමට ලක් වූ වෑන් රථයේ රියදුරු උඩුගම මහ රෝහලට ඇතුලත් කර ඇති අතර පහරදීම සිදු කළ මාපලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35, 28 යන වයස්වල සැකකරුවන් තුන්දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර ප්‍රදේශයේ ජනතාවට පීඩාකාරී ලෙස හැසිරෙන පිරිසක් බවට ද හඳුනාගෙන ඇති බවයි.

සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන නාගොඩ පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58